Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:16 - Sinhala Revised Old Version

16 දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය, පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්-ලෙහෙමෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්ලෙහෙමෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්ලෙහෙමෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:16
10 හුවමාරු යොමු  

ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.


පිලිස්තිවරුන්ගේ මුර සමුදාව මික්මාෂ්හි කඳු පාරට ගියේය.


සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.


මාගේ ශබ්දය නගා ස්වාමීන්ට මොරගසමි; ස්වාමීන්ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.


සාවුල්ද ඔහුගේ මිනිස්සුද ඔහු සොයන්ට ගියෝය. ඒ බව දාවිත්ට දන්වනලද බැවින් ඔහු පර්වතයට බැස ඇවිත් මායොන් කාන්තාරයෙහි සිටියේය. සාවුල් ඒ අසා මායොන් කාන්තාරයෙහි දාවිත් පස්සේ එළවාගන ගියේය.


එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.


දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනලද බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය; දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය.


දාවිත්තද ආශාවෙන් කියනුයේ: අනේ බෙත්-ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කවුරුවත් මට බොන්ට වතුර ගෙනත් දුන්නොත්! කියා කීවේය.


ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.


ගාද් නම් අනාගතවක්තෘ තෙම දාවිත්ට කථාකොට: කොටුවෙහි නොසිට යූදා රටට පිටත්ව එන්නැයි දාවිත්ට කීවේය. එවිට දාවිත් පිටත්ව හෙරෙත් වනයට පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්