Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:9 - Sinhala Revised Old Version

9 අශ්වයෙනි, නැගීයව්; රථයෙනි, වේගයෙන් දුවන්න; බලවන්ත මනුෂ්‍යයෝ වන පලිහ අල්ලන කූෂ්වරුද පූට්වරුද දුනු අල්ලා තැත් කවන ලුදිවරුද පිටතට යෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 අශ්වයෙනි, නැඟිටින්න; රථයෙනි, වේගයෙන් දුවන්න; හේවායෙනි, ඉදිරියට යන්න. පලිහ හුරු පුරුදු එතියෝපියවරුනි, පුට්වරුනි, දුනු තැත් කවන ලුද්වරුනි, ඉදිරියට එන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 අශ්වයෙනි, නැඟිටින්න; රථයෙනි, වේගයෙන් දුවන්න; හේවායෙනි, ඉදිරියට යන්න. පලිහ හුරු පුරුදු එතියෝපියවරුනි, පුට්වරුනි, දුනු තැත් කවන ලුද්වරුනි, ඉදිරියට එන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:9
14 හුවමාරු යොමු  

පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද නුඹේ සේනාවෙහි සිටියෝය; ඔව්හු නුඹේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දක්වාලූවෝය.


මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.


කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක.


පිරීගිය සහ පම්පිලියෙහිත් මිසරය සහ කිරේනිය වටකර ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීහුද රෝමයෙන් ආ විදේශීහුද යුදෙව්වරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු අයද,


ඔහුගේ බලවතුන්ගේ කුර ගැසීමේ ශබ්දයටත් ඔහුගේ රථවල ඝෝෂාවටත් ඔහුගේ චක්‍රවල ගිගිරීමටත් තමුන්ගේ අත් හෙළා වැටෙන බැවින් පියවරු දරුවන් දෙසට නොහැරෙන්නෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වෙවුලවීමේ හඬක් අපට ඇසුණේය; එය සමාදානයේ නොව භීතියේ හඬක් ය.


මිශ්‍රයිම්ට දාව ලූදිවරුද අනාමිවරුද ලෙහාබිවරුද නප්තුහිවරුද,


(එය මහත් නුවරය.) මිශ්‍රයිම්ට දාව ලූදිම්වරුද අනාමිම්වරුද ලෙහාබිම්වරුද නප්තුහිම්වරුද


හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය.


ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.


කඩුවක් මිසරය පිටට පැමිණෙන්නේය, මිසරයෙහි මනුෂ්‍යයන් මැරුම්කා වැටෙන්ටත් එහි සමූහයා අල්ලාගනයන්ටත් එහි අත්තිවාරම් පෙරළාදමන්ටත් යෙදෙන කල කූෂ්හි වේදනා හටගන්නවා ඇත.


කූෂ්වරුද පූට්වරුද ලූද්වරුද මුළු මිශ්‍ර සේනාවද කූබ්වරුද ගිවිසුමට බැඳුණු දේශයේ පුත්‍රයෝද ඔවුන් සමඟ කඩුවෙන් වැටෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්