එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.
1 රාජාවලිය 17:1 - Sinhala Revised Old Version තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය. Sinhala New Revised Version ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය. |
එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.
තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගේ වචනය එලියා වෙතට පැමිණ: නුඹ ගොස් ආහබ්ට පෙනීසිටිනු; මම භූමිය පිටට වැස්ස එවන්නෙමියි කීසේක.
ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.
එලියාද: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමියි කීවේය.
මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම්කරන බැවින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්ඇරියොත්,
නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?
එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම සැබවින් යූදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා නුඹ දෙස බලන්නේවත් නුඹ දකින්නේවත් නැත.
එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.
ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය.
එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
තවද ප්‍රොපේතවූ එලියාගෙන් ඔහුට ලියවිල්ලක් ලැබුණේය, එනම්: නුඹේ පියවූ යෙහෝෂාපාට්ගේ මාර්ගවලත් යූදාහි රජවූ ආසාගේ මාර්ගවලත් නුඹ නොහැසිර,
ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන බැවින් ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්හරින්නෝ නම්,
උන්වහන්සේ වතුර නැවැත්තුවාම ඒවා හිඳී යන්නේය; නැවත උන්වහන්සේ ඒවා යැවුවාම ඒවාට පොළොව පෙරළෙන්නේය.
නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. මොවුන් සියල්ලෝම එකතුව නුඹ ළඟට එති. මා ජීවත්වෙනවා සැබෑවාසේම, නුඹ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැළඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.
මටත් නුඹටත් පළමුවෙන් පුරාණයේ පටන් සිටි අනාගතවක්තෘවරුත් බොහෝ රටවලට සහ මහත් රාජ්‍යවලට විරුද්ධව යුද්ධයද විපත්තියද වසංගතයද ගැන අනාගතවාක්‍ය කීවෝය
ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.
මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.
ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේයයි කීවේය.
දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; නුඹ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි.
එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය.
උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය.
ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.
එවිට ඔව්හු කථාකොට: ඉඳින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.
කුමක්හෙයින්ද මා අයිතිවූ, මා සේවයකරන්නාවූ දෙවියන්වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට:
දෙවියන්වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඉශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්වහන්සේට කාරණා කියමින්:
ඒ කාලයේදී ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පිණිසද අද දක්වා කරන ලෙස ස්වාමීන්වහන්සේට සේවය කිරීමට උන්වහන්සේ ඉදිරියෙහි සිටින පිණිසද උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ස්වාමීන්වහන්සේ ලෙවීගේ ගෝත්‍රය වෙන්කළසේක.
එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤාකළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය.
තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.
එවිට යෙප්තා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගන එප්‍රායිම්ට විරුද්ධව යුද්ධකෙළේය. නුඹලා එප්‍රායිම්වරුන්ගෙන් පලාගිය අයවල්ය, ගිලියද්වරු එප්‍රායිම්වරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිම්වරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.