Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 12:4 - Sinhala Revised Old Version

4 එවිට යෙප්තා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගන එප්‍රායිම්ට විරුද්ධව යුද්ධකෙළේය. නුඹලා එප්‍රායිම්වරුන්ගෙන් පලාගිය අයවල්ය, ගිලියද්වරු එප්‍රායිම්වරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිම්වරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට ජෙප්තා ගිලියද්හි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රායිම්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. එසේ කෙළේ, “එප්‍රායිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි, ඔබ එප්‍රායිම් කෙරෙන් පලා ගිය අය යැ”යි එප්‍රායිම්වරුන් කී බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට ජෙප්තා ගිලියද්හි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රායිම්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. එසේ කෙළේ, “එප්‍රායිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි, ඔබ එප්‍රායිම් කෙරෙන් පලා ගිය අය යැ”යි එප්‍රායිම්වරුන් කී බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 12:4
11 හුවමාරු යොමු  

නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය.


මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.


තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.


යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.


අපේ දෙවියන්වහන්ස, ඇසුව මැනව; මක්නිසාද අපි සුළුකරනු ලබමුව. ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉස පිටට හරවා, වාල්කමේ රටක ඔවුන් කොල්ලකෑමට පාවාදුනමැනව.


ගිලියද් වැඩිමහල්ලෝ: ස්වාමීන්වහන්සේ අප අතරේ සාක්ෂි වනසේක; සැබවින් නුඹේ වචනය ලෙස අපි කරන්නෙමුයයි යෙප්තාට කීවෝය.


නුඹලා මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් නුඹලා මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.


ගිලියද්වරු එප්‍රායිම්ට යන යොර්දාන් තොටුපල් අල්ලාගත්තෝය. තවද පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙක් ඇවිත්: මට එගොඩවෙන්ට අරින්නැයි කී කල ගිලියද් මනුෂ්‍යයෝ: නුඹ එප්‍රායිමියයෙක්දැයි ඔහුගෙන් අසති;


තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්