Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:19 - Sinhala Revised Old Version

19 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:19
34 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.


නුඹලා විසින් ශුද්ධ දේ සහ අකැප දේ අතරෙහිත් අපවිත්‍ර දේ සහ පවිත්‍ර දේ අතරෙහිත් වෙනසක් කරන පිණිසද,


ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.


ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,


ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.


නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කීසේක.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක.


දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; නුඹ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි.


උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.


ශුභාරංචියේ සත්‍යතාව නුඹලා අතරේ නොකඩව පවතින පිණිස, යටත්වීමෙන් අපි පැයකටවත් ඔවුන්ට ඉඩ නුදුනිමුව.


එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.


තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.


තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.


එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.


නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස්, මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශකරන්නැයි කීසේක.


ඉදින් ඉශ්‍රායෙල්, නුඹ හැරීඑන්නෙහිනම් නුඹ හැරීඑන්ට ඕනෑ මා වෙතටයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹේ පිළිකුල්කම් නුඹ මා ඉදිරියෙන් පහකළොත්, නුඹ අහක්කරනු නොලබන්නෙහිය.


මයිනහම සැරෙන් පිඹිනු ලැබේ; ඊයම්ද ගින්නෙන් දා ගියේය. ඔවුන්ගේ උණුකිරීම නිෂ්ඵලය; මක්නිසාද දුෂ්ටයෝ වෙන්කරනු නොලද්දෝය.


සෑම කල්හිම මා ඉදිරියෙහි සිටින්ට රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගෙන් කෙනෙක් නැතුව නොයන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.


ඒවා පවිත්‍ර කොයි විටද අපවිත්‍ර කොයි විටදැයි ඉගැන්වීමට ව්‍යවස්ථාව මේය. කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේයයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්