Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:10 - Sinhala Revised Old Version

10 ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:10
20 හුවමාරු යොමු  

තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.


එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.


රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.


මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.


මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.


දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; ඔවුන් විසින් යොදන ප්‍රයෝගවලින් තුමූම අසුවෙත්වා.


එලියාද: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමියි කීවේය.


එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.


නුඹ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමියි කීසේක.


ඔහු ගොස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කෙළේය. ඔහු ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසයකෙළේය.


එබැවින් මා පිහිටෙවුවාවූ, මාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට මා හිඳෙවුවාවූ, තමන්වහන්සේ පොරොන්දුවූ ලෙස මට වංශයක් උපදවා දුන්නාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම සැබවින් අදොනියා අද දවසෙහි මරනු ලබන්නේයයි කීය.


එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,


එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම නුඹ අවංකව හැසුරුණෙහිය, නුඹ සමුදාව අතරෙහි මා සමඟ ආ ගිය හැටි මට හොඳව පෙනුණේය. නුඹ මා ළඟට ආදා පටන් අද දක්වා නුඹ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.


එවිට ඔහු කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මා මරන පිණිස ආහබ්ගේ අතට පාවාදීමට මම මොන පාපයක් කෙළම්ද?


එහෙත්: එලියා මෙහි ඉන්නේය කියා ගොස් නුඹේ ස්වාමියාට කියන්නැයි ඔබ කියන්නෙහිය.


මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.


එවිට අධිපතීහු: නුඹලා කොතන සිටිනවාද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස නුඹත් යෙරෙමියාත් ගොස් සැඟවී ඉන්නැයි බාරුක්ට කීවෝය.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම නුඹලා සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යූදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්