Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 3:14 - Sinhala Revised Old Version

14 එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම සැබවින් යූදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා නුඹ දෙස බලන්නේවත් නුඹ දකින්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එලිෂා කතා කොට, “මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එලිෂා කතා කොට, “මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:14
12 හුවමාරු යොමු  

ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය.


තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.


ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.


මෙන්න, මම මුළු දේශය වන යූදාහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් එහි පූජකයන්ටත් දේශයේ සෙනඟටත් විරුද්ධව අද නුඹ සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද කෙළෙමි.


අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.


ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.


එලියාද: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම ඒකාන්තයෙන් ඔහුට පෙනෙන්නෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්