Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 28:8 - Sinhala Revised Old Version

8 මටත් නුඹටත් පළමුවෙන් පුරාණයේ පටන් සිටි අනාගතවක්තෘවරුත් බොහෝ රටවලට සහ මහත් රාජ්‍යවලට විරුද්ධව යුද්ධයද විපත්තියද වසංගතයද ගැන අනාගතවාක්‍ය කීවෝය

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 28:8
25 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජද: ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායානම් තව එක්කෙනෙක් සිටියි. එහෙත් ඔහු මා ගැන අනාගත වචනයෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්ද: රජ්ජුරුවෝ එසේ නොකියත්වයි කීවේය.


තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය.


ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය.


ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලිකරන්නෝය; ඔව්හු ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ ඇස දරුවන්ට කරුණා නොකරන්නේය.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.


ආමොස්ගේ පුත්‍රවූ යෙසායාට බබිලොන් ගැන එළිදරව්වූ දිව්‍ය ප්‍රකාශනයය.


තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්‍රායෙල් ගැන දුටු කාරණය.


ස්වාමීන්වහන්සේගේ වචනය යෝනා වෙතට දෙවෙනි වර පැමිණ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්