හිතෝපදේශ 14:6 - Sinhala New Revised Version උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි. Sinhala New Revised Version 2018 උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි. Sinhala Revised Old Version නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය; එහෙත් නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය. |
දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය; එහෙත් මෝඩයා ඉලක්කයක් නැති ව ඉබාගාතේ යන්නේ ය.
අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි; ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි.
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද?
ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.