Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 8:9 - Sinhala New Revised Version

9 නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය; දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය; දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඒ සියල්ල නුවණ ඇත්තාට පැහැදිලිව, දැනගැන්ම ලබාගන්නන්ට හරිව පෙනෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 8:9
17 හුවමාරු යොමු  

උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.


නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති.


නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.


දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය; එහෙත් මෝඩයා ඉලක්කයක් නැති ව ඉබාගාතේ යන්නේ ය.


බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.


ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!


ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.


ජාකොබ්ගේ සෙනඟ සාපයක් යටතේ සිටිත් ද? සමිඳාණන් වහන්සේට ඉවසිල්ලක් නැද් ද? ඇත්තෙන් ම උන් වහන්සේ ක්‍රියා කරන්නේ මෙසේ ද? අවංක අයට උන් වහන්සේ කරුණාවෙන් කතා නොකරන සේක් ද?


‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.


යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය.


ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්