රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, “මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය.
යෝබ් 5:2 - Sinhala New Revised Version දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය. Sinhala New Revised Version 2018 දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය. Sinhala Revised Old Version මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය. |
රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, “මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය.
එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.
ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද? ඉරාගත්තත් පොළෝ තලය පාළුකරයක් නොවනු ඇත. ගිරිකුළු නොසෙල්වෙනු ඇත.
“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;
එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.
එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.