Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:9 - Sinhala New Revised Version

9 එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඕනාන් ඒ වංශය තමාට අයිති නොවන බව දැන තමාගේ සහෝදරයාගේ භාර්යාව වෙතට පැමිණි කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස එය බිම වැගිරෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:9
11 හුවමාරු යොමු  

“දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ ආත්මය උන් වහන්සේ දැඩි ආශාවකින් රකින සේකැ”යි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැ යි ඔබ සිතන්නහු ද?


මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය.


මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.


එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න.


කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?


දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.


තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”


තවද, මියගිය සහෝදරයාගේ නම ඉශ්රායෙල් ජනයා අතර නොමැකී පවතින පිණිස ඈට උපදින කුලුඳුලා මියගිය සහෝදරයාගේ නම ගත යුතු ය.


එවිට නයෝමි උත්තර දෙමින් මෙසේ කීවා ය: “මාගේ දූවරුනි, ඔබ ආපසු යන්නට ම ඕනෑ ය. මා සමඟ එන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද? ඔබට පුරුෂයන් වශයෙන් දීමට තවත් පුතුන් මාගේ කුසෙන් දැරීමට මට පුළුවන් ද?


ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක.


“එකට වාසය කරන සහෝදරයන් අතරෙන් එක් කෙනෙකු පුතෙකු නැතුව මළොත්, මියගිය තැනැත්තාගේ බිරිඳ, පිට පවුලක කෙනෙකු සමඟ විවාහ නොවිය යුතු ය. ඇගේ සැමියාගේ සහෝදරයා ඇය සරණ පාවාගෙන, ඇය වෙත පිවිස, සැමියාගේ සහෝදරයෙකු විසින් ඈ කෙරෙහි කළ යුතු යුතුකම ඔහු ඉටු කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්