එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?
යෝබ් 26:6 - Sinhala New Revised Version පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත. Sinhala New Revised Version 2018 පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත. Sinhala Revised Old Version ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත. |
එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?
මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද? අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?
පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත; එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?
පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.
බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි. පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති. රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති.
ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත.
ඔවුන් පොළොව හාරා මළවුන්ගේ ලෝකයට ගියත්, මම ඔවුන් අල්ලාගනිමි. ඔවුන් සගලොව නැඟී ගියත්, එතැනින් මම ඔවුන් පහතට හෙළමි.
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි)