Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 88:10 - Sinhala New Revised Version

10 ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 88:10
13 හුවමාරු යොමු  

මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.


අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත; ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.


මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද? පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?


මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.


මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.


මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.


මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්