Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 41:11 - Sinhala New Revised Version

11 ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද? මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද? මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 පළමුකොට මට යමක් දුන්නේ කවුද? දුන්නානම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි. මුළු අහස යට තිබෙන සියල්ල මාගේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 41:11
18 හුවමාරු යොමු  

පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.


මන්ද, එතුමාණෝ පොළොවේ සීමාන්ත දන්න සේක; අහස යට සියල්ල දකින සේක.


මේ කියමන නිසා, දෙවිඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ඔබේ වරද දෙවි තුමන් ගණන් නොගෙන හරිනු ඇද් ද? තීරණය ඔබ අතේ ය, මා අත නොවේ. ඔබ දත් පමණින් පිළිතුර අපට කියන්න.


ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?


උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.


එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක; සිය උදහසින් ඒවා පෙරළා දමන සේක;


ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.


ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.


පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.


“මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද?


එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.


උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක් ද?”


මන්ද, පොළොවත් එහි ඇති සියල්ලත් සමිඳාණන් වහන්සේගේ ය.


එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.


බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.


බලන්න, මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබ පෙරටුවෙන් ජොර්දාන් ගඟට වැඩම කරනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්