ගීතාවලිය 95:5 - Sinhala New Revised Version එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය. Sinhala New Revised Version 2018 එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමාණෝ වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමාණන්ගේ ය. Sinhala Revised Old Version මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක. |
එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක. එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි.
මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.
ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.
ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.