Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:7 - Sinhala New Revised Version

7 එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:7
11 හුවමාරු යොමු  

ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.


ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි.


මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන් ජොර්දාන් ගඟේ දියෙහි පා තැබූ කෙණෙහි ම ඉහළින් ගලා බසින ජලය නතර වී ගොඩගැහී සිටිනු ඇත.”


ඔබේ අශ්වයන් මඟින් ඔබ මුහුද පාගා දැමූ විට මහා ජලස්කන්ධය කැළඹී ගියේ ය.


ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.


මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.


එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.


මුහුද දෙබෑ කොට එය මැදින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක. ජලකඳ වේල්ලක් මෙන් සිටීමට සැලැසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්