Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 95 - Sinhala New Revised Version 2018


දෙවියන් වහන්සේ නැමදීමේ ගීයක්

1 එන්න, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට පැසසුම් හඬ නගමු.

2 තුති ගී ගයා එතුමාණෝ අබිමුවට ගමන් කරමු; එතුමාණෝ හට ජය මංගල ගී ගයමු.

3 මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.

4 මිහිතල ගැඹුරු තැන් එතුමාණෝ අතෙහි ය; කඳු ශිඛර එතුමාණන්ගේ ය.

5 එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමාණෝ වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමාණන්ගේ ය.

6 එන්න, හිස නමා එතුමාණෝ හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.

7 එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමාණන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!

8 “පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.

9 එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.

10 සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි: ‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.

11 කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්