“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.
ගීතාවලිය 56:9 - Sinhala New Revised Version මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි. Sinhala New Revised Version 2018 මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි. Sinhala Revised Old Version මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. |
“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.
මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.
එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය.
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?