ගීතාවලිය 56:2 - Sinhala New Revised Version සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? Sinhala New Revised Version 2018 සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? Sinhala Revised Old Version මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක්ම උඩඟු කමින් මට විරුද්ධව යුද්ධකරති. |
“ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.
මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා! තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!
මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක. දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.
ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.
පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.
සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක.
මම සමිඳුන් අබිමුවට කුමක් රැගෙන පැමිණෙම් ද? සගයේ දෙවිඳුන් හට කෙසේ නමදිම් ද? දවන යාග පූජා ද අවුරුද්දක් වයසැති එළ වස්සන් ද රැගෙන පැමිණෙම් ද?
ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.