Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 93 - Sinhala New Revised Version


සමිඳුන්ගේ රාජශ්‍රීය

1 සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.

2 ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.

3 සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය; ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය.

4 සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.

5 සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්