ගීතාවලිය 36:3 - Sinhala New Revised Version ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි. Sinhala New Revised Version 2018 ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි. Sinhala Revised Old Version ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී. |
ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.
සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ. නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි.
එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!
මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.
බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.
සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.
මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”
එසේ වුව ද පසුබට වී විනාශ වන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත.
මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.
සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.
එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය.
එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.