Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 1:6 - Sinhala New Revised Version

6 මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 1:6
27 හුවමාරු යොමු  

මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”


අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.


නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි.


එම්බා ඉශ්රායෙලය! නුඹේ දෙවි ස්වාමීන් වන මා නුඹ මාර්ගයෙහි ගෙන යන විට පවා නුඹ මා අත්හළ නිසා මේ දේ නුඹ පිට, නුඹ පිට ම, පමුණුවාගත්තා නොවේ ද?


ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.


මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට දඬුවම් කළ සමිඳුන් වෙත හැරී නැත. ඔවුන් සව් බලැති සමිඳුන් සෙව්වේ නැත.


එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?


“තවද, ධර්මිෂ්ඨ මිනිසෙකු තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර පාපය කළ විට, එය ඔහුගේ වැටීමට හේතුවක් වන්නට මා ඉඩ හැරියොත්, නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු සිය පාපයෙහි නසිනු ඇත. ඔහු කළ ඔහුගේ දැහැමි ක්‍රියා සිහිකරනු නොලබන්නේ ය. ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි.


එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!


දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි. ‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි.


“මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.


“ඔව්හු ගිනි උදුනක් මෙන් කෝපයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.”


ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.


හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය.


ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.”


ඉශ්රායෙල්වරුන්ගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ නඟයි. කරුණු මෙසේ වුව ද ඒ සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී උන් වහන්සේ නොසෙව්වෝ ය.


ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්,


මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නො‍ගියෙමි.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොසොයන සියල්ලන්, ලොකු කෙනෙකු වුවත්, කුඩා කෙනෙකු වුවත්, පුරුෂයෙකු වුවත්, ස්ත්‍රියක වුවත් මරණයට පත් කළ යුතු යයි නියම කරගන්නත් වූ හ.


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්