Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 4:16 - Sinhala New Revised Version

16 නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 4:16
13 හුවමාරු යොමු  

ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.


සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන, ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති.


ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.


ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.


පහන් වූ කෙණෙහි ම, නායක පූජකයන් ද විනයධරයන් ද ඇතුළු ප්‍රජා මූලිකයන්ගේ සංගමය රැස් ව, සිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට උන් වහන්සේ ගෙන ගොස්,


එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.


නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න.


වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.


ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.


ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය;


ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත.


එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්