ගීතාවලිය 142:6 - Sinhala New Revised Version මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය. Sinhala New Revised Version 2018 මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය. Sinhala Revised Old Version මාගේ මොරගැසීමට කන්දුන මැනව; මක්නිසාද මම ඉතා පහත්කරනු ලැබීමි. මට පීඩාකරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. |
අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
සතුරා මට පීඩා කෙළේ ය. ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය. ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය. මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක. එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි.
මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව. මා අත පාපයක් හා වරදක් නොවූවත්,
අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”
දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.
ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද?