Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 143:7 - Sinhala New Revised Version

7 සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 143:7
20 හුවමාරු යොමු  

මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.


එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.


මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.


සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.


මම දුගියෙක්මි, දිළිඳෙක්මි, එහෙත්, හිමි තුමාණෝ මා සිහි කරන සේක. ඔබ මාගේ පිළිසරණ ය; ඔබ මාගේ මිදුම්කරු ය. මාගේ දෙවියෙනි, පමා නොවී වැඩිය මැනව.


ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව!


මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!


මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.


එහෙත්, මම දිළිඳු ය; අසරණ ය. අනේ දෙවිඳුනි! මා වෙත කඩිනමින් වඩිනු මැනව! අනේ සමිඳුනි! ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!


මාගේ දෙවිඳුනි! මාගෙන් ඈත් නුවුව මැනව! අනේ මාගේ දෙවිඳුනි! මට සහාය වීමට කඩිනමින් වැඩිය මැනව!


මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.


පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි; පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි.


ඔබට තුති පිදීමට පාතාලයට නොහැක; ඔබට ප්‍රශංසා කිරීමට මරණයට නොහැක. ඔබ කෙරෙහි විශ්වාස කරන්න මළගියවුන්ට නොහැක.


මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.


සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.


අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්