සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා!
ගීතාවලිය 141:2 - Sinhala New Revised Version මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. Sinhala New Revised Version 2018 මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. Sinhala Revised Old Version මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා. |
සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා!
එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්‍රෝ‍්හිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”
මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.
සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.
මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය.
ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව, සැදෑ සිතින් දොහොත් නඟා, යාච්ඤා කරන්නේ නම් මම කැමැති වෙමි.
එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.