ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විලාප ගී 2:6 - Sinhala New Revised Version 2018

එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.

පරිච්ඡේදය බලන්න



විලාප ගී 2:6
25 හුවමාරු යොමු  

ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය. ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.


එතුමාණන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමාණන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය.


මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?


ඔබ ඔහුගේ පවුරු සියල්ල බිඳදැමූ සේක; ඔහුගේ බලකොටු නටබුන් කළ සේක.


ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.


ජෙරුසලම වනාහි මිදි වත්තක මඩුවක් මෙන් ද කැකිරි වත්තක පැල්පතක් මෙන් ද ආරක්ෂා රහිත වූ වටලනු ලැබූ නගරයක් මෙන් ද යන්තමින් ඉතිරි වී ඇත.


නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”


මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ. එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ.


අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත.


එහෙත්, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන හැටියටත්, සබත් දවසේ දී බරක් උසුලාගෙන ජෙරුසලමේ දොරටුවලින් ඇතුළු නොවන හැටියටත් මා කී දේට ඔවුන් සවන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළුවන්නෙමි; ඒ ගින්න ජෙරුසලමේ මාලිගා දවාලන්නේ ය. එය කිසි සේත් නොනිවිය හැකි ය.”


“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”


සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, “බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය.


බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.


මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ. ඇගේ සියලු දොරටු පාළු වී තිබේ. ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති. ඈ බොහෝ සේ දුක් විඳියි.


සමිඳාණෝ ම ඔවුන් විසුරුවා හැරිය සේක. එතුමාණෝ තවත් ඔවුන් නොසලකන සේක. සෙනඟ පූජකයන්ට ගරු නොකළ හ. වැඩිහිටියන්ට කරුණාව නොදැක්වූ හ.


“ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය.


අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ.


මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ ”


මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.


මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක.


නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.