යෙරෙමියා 42:18 - Sinhala New Revised Version 201818 “ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 “ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. පරිච්ඡේදය බලන්න |
මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.