Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 2:6 - Sinhala Revised Old Version

6 උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 2:6
25 හුවමාරු යොමු  

මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය.


මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි.


ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.


එබැවින් නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා නොකොට, ව්‍යවස්ථාව ගැන තරාතිරම් බලන ප්‍රකාරයටම, මමත් නුඹලා මුළු සෙනඟ ඉදිරියෙහි නීචවූ පහත්වූ අය කෙළෙමි.


මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය.


අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය.


ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.


අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.


ස්වල්ප කලකට ඔබගේ ශුද්ධවූ සෙනඟ එය භුක්තිවින්දෝය. අපේ එදිරිකාරයෝ ඔබගේ ශුද්ධස්ථානය පාගාදැමුවෝය.


එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.


ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.


නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.


සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.


ඔහුගේ සියලු වැටවල් ඔබ බිඳ හෙළූසේක; ඔහුගේ බලකොටු ඔබ විනාශ කළසේක.


මග යන සියල්ලන් විසින් එයින් නෙළාගන්නා ලෙස ඔබ ඒකේ වැටවල් කුමට බිඳ දැමූසේක්ද?


උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.


නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පළිගැනීමද උන්වහන්සේගේ මාළිගාව ගැන පළිගැනීමද සියොන්හි දන්වන්ට බබිලොන් දේශයෙන් ගැළවී පලාඑන්නන්ගේ හඬක් ඇසෙන්නේය.


මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.


ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනිලෑවෝය; ඔබගේ නාමයේ නිවාසය බිම හෙළා දූෂණයකළෝය.


මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.


මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්