Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 5:12 - Sinhala New Revised Version 2018

12 අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 5:12
8 හුවමාරු යොමු  

සමිඳාණෝ ම ඔවුන් විසුරුවා හැරිය සේක. එතුමාණෝ තවත් ඔවුන් නොසලකන සේක. සෙනඟ පූජකයන්ට ගරු නොකළ හ. වැඩිහිටියන්ට කරුණාව නොදැක්වූ හ.


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.


සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව. ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද? පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?


සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.


“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්