Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 45:4 - Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, “බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, “බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 45:4
12 හුවමාරු යොමු  

උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.”


ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”


ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.


ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක; ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය. මුවින් ඔව්හු ඔබ පසසති; සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.


මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;


එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.


“එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන් ඈට කතා කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්