ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.
යෝබ් 8:9 - Sinhala New Revised Version 2018 අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය. Sinhala New Revised Version අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය. Sinhala Revised Old Version (මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.) |
ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.
මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.
රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය.
‘වයසක උදවිය කතා කළ යුතු යි; දිගායු වැළඳු අය ප්‍රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි.
අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි! ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද? දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.
නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය. පොළෝ පදනම් සියල්ල කම්පා වන්නේ ය.