එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.
යෝබ් 6:4 - Sinhala New Revised Version 2018 සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත. Sinhala New Revised Version සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත. Sinhala Revised Old Version මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ. |
එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.
ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා! සව් බලැති දෙවිඳුන්ගේ උදහස ඔව්හු ම පානය කරත් වා!
භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.
මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය; එතුමාණන්ගේ මහානුභාවයට මුහුණ දීමට මට ශක්තියක් නො වී ය.
මා යුක්ති සහගත වුව ද, මා බොරුකාරයෙකැ යි ගණන් ගනු ලැබේ. මා අත වරදක් නැතත් මම තුවාළවලින් අසාධ්‍ය ව සිටිමි.’
මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි; එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද?
එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.
එතුමාණෝ සතුරෙකු මෙන් තමන් දුන්න තැත් කැවූ සේක. එදිරිකාරයෙකු මෙන් සිය දකුණ’ත ඔසවා, ඇසට ප්‍රිය වූ සියල්ලන් නැසූ සේක. සියොන් පුරඟනගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය දැල්වූ සේක.
සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.
සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.
මැරුම් කෑ අයගේ ද අල්ලාගත් අයගේ ද ලෙයින්, මාගේ ඊගස් පොඟවමි; දිගු කෙස් ඇති නායකයන්ගේ මාංසය මාගේ කඩුවට ගොදුරු වන්නේ ය.
ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.