Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 7:20 - Sinhala New Revised Version 2018

20 මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 7:20
21 හුවමාරු යොමු  

එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක.


ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.


මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි; මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි.


අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?


ඔබේ ඊගස් ඔවුන්ගේ මුහුණට එල්ල කරනු ඇත; එවිට ඔවුන් පිටුපා යනු ඇත.


ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද? ඔබ කොතරම් වැරදි කළත්, දෙවිඳුන්ට එයින් පීඩාවක් ඇද් ද?


ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.


‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත.


වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති; එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.


එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි. ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි.


එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක.


ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක: මා තරුණ වියේ දී කළ අයුතුකම් පවා ඔබ දැන් මා පිට පවරන සේක.


සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.


එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: “ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්‍රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති.


මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක; මාගේ අපරාධයෙන් නිදොස් වීමට ඔබ මට ඉඩ නොදෙන සේක.


‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?


මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.


ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්