ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ සෙයින් ගරුබිය ඇති කෙනෙකි.
යෝබ් 28:28 - Sinhala New Revised Version 2018 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ” Sinhala New Revised Version එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “ Sinhala Revised Old Version උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය. |
ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ සෙයින් ගරුබිය ඇති කෙනෙකි.
යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.
දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමාණන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?
ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න; දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත. සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.
දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.
මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.
“අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.”
ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.
කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලෝ ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”