Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 12:13 - Sinhala New Revised Version 2018

13 මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 12:13
27 හුවමාරු යොමු  

“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,


එම්බා මනුෂ්‍යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි.


ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපනත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත.


දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමාණන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.


එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”


තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.


පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.


එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.


සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය; ඒ මඟ යන මිනිසා විපතින් දුරු ව තෘප්තියට පැමිණෙයි.


දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.


එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.


හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.


තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි.


සියල්ලන්ට ගරු කරන්න; ඇදහිලිවන්ත සමාජයට ප්‍රේම කරන්න; දෙවියන් වහන්සේට ගෞරවාදර භය පිරිනමන්න; රජුට ගෞරව දක්වන්න.


පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.


මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය.


එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.


මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?


ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.


සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.


දෙවියන් වහන්සේ කරන සියල්ල සදහට ම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත; ඉන් අඩු කළ හැකි කිසිවක් ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ, මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය දක්වන පිණිස ය.


මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.


රජුගේ ආඥා රක්ෂා කරන්නාට අනතුරක් නැත. එසේ කළ යුතු කාල වේලාව හා අවස්ථාව ප්‍රඥාවන්තයා දනියි.


එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පනත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්