දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය! එය රැගෙන ඔහු මිනීවළට යන්නට නොදී, ඔහු මුදාහරින්නැ’යි කියනු ඇත.
යෝනා 2:6 - Sinhala New Revised Version 2018 මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක. Sinhala New Revised Version මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක. Sinhala Revised Old Version කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක. |
දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය! එය රැගෙන ඔහු මිනීවළට යන්නට නොදී, ඔහු මුදාහරින්නැ’යි කියනු ඇත.
මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.
මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද? පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?
දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක; ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක.
මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි.
“මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.
එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.
මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?
පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි.
මෙතැන් සිට කිසි ම ගසකට කොපමණ හොඳට වතුර ලැබුණත් ඒ ගස මෙන් උසට වැඩෙන්නේ නැත; වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේත් නැත. ඒ සියල්ල පාතාලයේ සිටින අය සමඟ එක් වන පිණිස මැරෙන්නට නියම ව සිටින සුළු මිනිසුන් මෙන් මැරී යන්නට නියම වී ඇත.
ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.
උන් වහන්සේ නවතින විට පොළොව කම්පා කරවන සේක; උන් වහන්සේ බලන විට ජාතීන් වෙවුළුවා හරින සේක. පුරාතන පර්වත දෙදරා යයි; සදාකාල කඳු කිඳා බසියි. උන් වහන්සේගේ ගමන් පුරාණයෙහි මෙන් ය.
මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.