Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 55:23 - Sinhala New Revised Version 2018

23 දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 55:23
19 හුවමාරු යොමු  

අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.


ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.


මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.


එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.


මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.


සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක.


ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!


එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක; අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක.


ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක.


සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි; එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය.


පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත; එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?


පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.


අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද?


එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්