Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 30:3 - Sinhala New Revised Version 2018

3 සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 30:3
13 හුවමාරු යොමු  

මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.


සමිඳාණන් වහන්ස, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.


මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.


එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.


ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්, මා යළි ප්‍රාණවත් කරන සේක. පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක.


මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.


මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.


එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.


අහෝ, සමිඳුනි! මිනිසාගේ ජීවිතය මෙබඳු වන්නේ ය. මා සුවපත්කර, මා ජීවත් කළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්