ගීතාවලිය 8:4 - Sinhala New Revised Version 2018 ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? ඔබ මිනිසා ගැන සලකන්නට තරම් ඔහුගේ අගය කුමක් දැ යි මට සිතෙන්නේ ය. Sinhala New Revised Version මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය. Sinhala Revised Old Version ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? |
ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද,
එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.
තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!
සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව; ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.
රාත්‍රිය පාලනය කිරීමට සඳ හා තාරකා මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද?
රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.
මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?
ඔබේ හස්තය ඔබේ දකුණු පස සිටින මිනිසා කෙරෙහි පතිත වේ වා! ඔබේ යහපතට ඔබ ම සවි ශක්තිමත් කළ ජාතිය කෙරෙහි එය පහළ වේ වා!
සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.
සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත.
සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?
උන් වහන්සේ මට කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? මීටත් වඩා තවත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.
“ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!
ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.”
ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.