Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 25 - Sinhala New Revised Version 2018


බිල්දද්ගේ තුන් වන කතාව

1 එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය:

2 “ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත; එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත.

3 එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය; එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද?

4 එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද? මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?

5 එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත; තරු පෙළ මැද කාන්තිය නැත;

6 එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්