ගීතාවලිය 4 - Sinhala New Revised Version 2018පිහිට පතා සවස යැදුම දාවිත්ගේ ගීතයකි. 1 මා රක්නා මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව. විපතේ දී ඔබ මා මිදූ සේක, මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව. 2 මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද? 3 සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න. එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක. 4 බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න; සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න. 5 නියමිත පූජා සමිඳුන්ට පුදන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න. 6 “අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ”යි බොහෝ දෙන කියති. සමිඳුනි, අප වෙත ඔබ කුලුණැස යොමු කළ මැනව. 7 ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත. 8 මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි. මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක. |