ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.
ගීතාවලිය 18:21 - Sinhala New Revised Version 2018 මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි. මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි. Sinhala New Revised Version මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි. මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි. Sinhala Revised Old Version මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි. |
ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.
ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.
අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි. ඔබේ නීති පිළිපැද්දෙමි; සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි.
සමිඳාණන් වහන්ස, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. මන්ද, මාගේ හැසිරීම නිදොස් ය. සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.
මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.
ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධ ව, දැහැමි ව, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක.
මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.
“මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.