Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:21 - Sinhala Revised Old Version

21 මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි. මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි. මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:21
13 හුවමාරු යොමු  

ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්ටද නිතරම උත්සාහකරමි.


එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය.


ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.


අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.


මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වුවත් මම ඔබගේ තොල්වල වචනය කරණකොටගෙන බලාත්කාරකරන්නන්ගේ මාර්ගවලින් වැලකී සිටියෙමි.


යොෂියා වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්‍රායෙල්හි සිටි සියල්ලන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට සැලැස්සුවේය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් පහව නොගියෝය.


මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.


ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.


අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.


එකල රජ ඉතා සන්තෝෂවී, දානියෙල් ගුහාවෙන් ගොඩගන්ට අණකෙළේය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නාලද්දේය, කිසි අනතුරක්ද ඔහුට සිද්ධ නොවී තිබුණේය, මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්