Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:33 - Sinhala New Revised Version 2018

33 ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 යොෂියා වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්‍රායෙල්හි සිටි සියල්ලන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට සැලැස්සුවේය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් පහව නොගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:33
9 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.


“අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය.


මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ඔහු ජෙරුසලමෙහි ද බෙන්ජමින්ගේ දේශයෙහි ද සිටි සියල්ලන් ඊට එකඟ වන්නට සැලැස්සුවේ ය. ජෙරුසලමේ වැසියෝ ද දෙවියන් වහන්සේගේ එනම්, තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම ලෙස කළෝ ය.


මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි. මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉතින් ඉශ්රායෙල්, නුඹ හැරී ආ යුත්තේ මා වෙත ය. මා පිළිකුල් කරන දේවරූප ස්ථීර ව පහකර දමා නුඹ මට පක්ෂපාත වන්නෙහි නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්