ගීතාවලිය 140:5 - Sinhala New Revised Version 2018 උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ. Sinhala New Revised Version උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ. Sinhala Revised Old Version උඩඟු අය මට මලපතක් තබා රැහැන් ඇද්දෝය; ඔව්හු මග අසබඩ දැලක් එළා, මට මලපත් තැබූය. |
උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි.
මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
දෙවිඳුනි, අභක්තික සෙනඟට එරෙහි ව, මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව. කපටි, අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව.
මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ; මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.
එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.
යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.
ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත.