Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:110 - Sinhala New Revised Version 2018

110 දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

110 දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

110 දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:110
16 හුවමාරු යොමු  

ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව.


උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.


දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි.


ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය.


මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.


ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත.


ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත. එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි.


උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි.


ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.


බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.


දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්