Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 18:9 - Sinhala New Revised Version 2018

9 ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි. උගුල ගැස්සී ඔහු තදින් පැටලෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි. උගුල ගැස්සී ඔහු තදින් පැටලෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 උගුලක් ඔහුගේ විලුඹ අසුකරගන්නේය, මලපතක් ඔහු අල්ලාගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 18:9
9 හුවමාරු යොමු  

ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.


පොළොවෙහි ඔහුට මරුවැලක් ද ඔහු යන පාරෙහි බොරු වළක් ද ඇත.


ඔහු වහා දුව ගොස් දැලකට අසු වෙයි; ඔහු මලපත් මත ඇවිදියි.


අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.


උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි; සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්