ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 6:14 - Sinhala New Revised Version 2018

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 6:14
20 හුවමාරු යොමු  

මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.


දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.


දාවිත් ද ගිවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද ගායකයන් අතරේ ගායනා කිරීමට ප්‍රධානියා ව සිටි කෙනනියා ද සිහින් හණ සළු ඇඳගෙන සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් පැළඳගෙන සිටියේ ය.


එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා!


රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමාණෝ පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමාණෝ පසසන්න.


ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.


‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.


ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.


මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළා ය: “සමිඳුන් හට ගී ගයන්න, එතුමාණෝ තෙද මහිමයෙන් ජයගත් සේක; අසරුවන් හා අස් සෙන් මූදට හෙළූ සේක.”


නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය.


ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා,


දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.


ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න.


ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ.


ෂිලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත්, ඔබ මිදිවතුවලින් නික්ම අවුත්, එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න.


ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය.


පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද?


එබැවින් රජ, “ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය.